දීමනා පත්රයේ මුල් උරුමය නම් කිරීම (Development of Grant)
අවශ්ය ලේඛන
- ඉල්ලීම් ලිපිය
- දීමනා පත්රයේ මුල් පිටපත
- පත් ඉරුව
- මරණ සහතික හෝ ඒ පිළිබඳ තහවුරු කළ හැකි දිවුරුම් ප්රකාශය
- කලත්රයා ජීවිත භුක්තිය ලබාගන්නේ නම් විවාහ සහතිකයේ ඡායා පිටපතක්
- කලත්රයා පවරා නොගන්නේ නම් අදාල ඉඩම ලේ ඥාතියෙකු වෙත පවරා දීමට කැමැත්ත ප්රකාශිත දිවුරුම් ප්රකාශ (සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කළ යුතුය - පසු උරුමය නම් කර ඇත්නම්
- කලත්රයා මියගොස් ඇත්නම් මරණ සහතිකය හෝ ඒ පිළිබඳ තහවුරු කළ හැකි දිවුරුම් ප්රකාශය
- පැවරුම්ලාභියාගේ උප්පැන්න සහතිකය
- පැවරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
- නම් වල වෙනසක් ඇත්නම් ඒ බව තහවුරු කිරීමට අදාල දිවුරුම් ප්රකාශ
- පවරාගනු ලබන්නේ වැඩිමහල් පුතා නම් ඒ බවට වු තහවුරු කිරීම
- පවරාගනු ලබන්නේ බාල සහෝදරයෙකු නම් ඔහුට පෙර සිටින ඔහුගේ සියළු පිරිමි සහෝදරයන්ගේ කැමැත්ත ප්රකාශ
- පවරාගනු ලබන්නේ ප්රදානපත්රකරුගේ දියණියෙකු නම් සියළු පිරිමි දරුවන්ගේ හා වැඩිමහල් සහෝදරියන් සිටිනම් ඔවුන්ගේ ප්රකාශ
| වැඩ විස්තරය | කාලය(දින) |
| ඉල්ලුම් ලිපිය සහ සොදිසි පත්රයට අනුව අදාළ ලියවිලි ලබාගැනීම. ග්රාම නිලධාරි වාර්තා ලබාගැනීම | |
| ↓ | |
| ක්ෂේත්ර වාර්තා ලබාගැනීම (ග්රාම නිලධාරි වසමට අයත් ජනපත නිලධාරි /ජ්යෙෂ්ඨ ක්ෂේත්ර නිලධාරි) | 21 |
| ↓ | |
| මුල් උරුමය නම් කිරීම සඳහා සකස් කරන ලද පැවරුම් පත්රය (පිටු 03 ක්) ප්රාදේශීය ලේකම් තුමාගේ අත්සන සඳහා යොමු කිරීම. | 14 |
| ↓ | |
| ප්රදාන පත්රයේ උරුමය මාරු කර ලියාපදිංචි කිරිම සඳහා දිස්ත්රික් රේජිස්ට්රාර් කාර්යාලය වෙත යොමු කිරීම. | 14 |
| ↓ | |
| ලියාපදිංචි කිරීමෙන් පසුව ප්රදාන පත්රය දිස්ත්රික් රේජිස්ට්රාර් කාර්යාලය මඟින් ලබාගැනීම. | 21 |
| ↓ | |
| ප්රදාන පත්රය නිකුත් කිරීම සහ ලේඛනයේ අත්සන ලබාගැනීම. | 7 |
| මුළු දින සේවය | 78 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න NP-LDO 04 [PDF 113KB]
දීමනා පත්රයේ අයිිතිය පැවරීම (Transfer of Grant)
අවශ්ය ලේඛන
- අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.
- දීමනා පත්රයේ මුල් පිටපත සහ ඡායා පිටපත.
- ඉඩම් කොටස උරුමක්කාරයාට මාරු කළහොත් බෙදුණු මැනුම
- පත් ඉරුව
- කලත්රයා ජීවිත භුක්තිය ලබාගන්නේ නම් විවාහ සහතිකය ඡායා පිටපතක්
- කලත්රයා පවරා නොගන්නේ නම් අදාල ඉඩම ලේ ඥාතියෙකු වෙත පවරා දීමට කැමැත්ත ප්රකාශිත දිවුරුම් ප්රකාශ (සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කළ යුතුය - පසු උරුමය නම් කර ඇත්නම්)
- දීමනා පතුයේ කොටසක් පැවරීමේදී ලියාපදිංචි මිනින්දෝරු විසින් ලබාගත් ඉඩමට අදාල මැනුම් සිතියම
- ඉඩමට අදාල පත්ඉරු සටහන් (මාස 06ක් ඇතුලත)
- දීමනාපත්රකරුගේ පවුලේ අයගේ කැමැත්ත ප්රකාශිත දිවුරුම් ප්රකාශ
- ඥාතීත්තව තහවුරු කිරීමට අදාල උප්පැන්න සහතික වල මුල් පිටපත්
- පැවරුම්ලාභියා ගොව් පංතියට අයත් නම් කොට්ඨාසයේ ග්රා.නි.වාර්තාව(ආදායම් වාර්තාව)
- දීමනාපත්රය පැවරීම සඳහා ග්රාමනිලධාරි වාර්තාව
- සම්පුර්ණ ඉඩම පවරන්නේ නම් වෙනත් ඉඩම් තිබෙන බවට අදාල ඉඩම්වල ඔප්පු ඡායා පිටපත්
- පැවරුම්ලාභියාගේ හා පැවරුම්කරුගේ ජා.හැ.පත්වල ග්රාම නිලධාරි සහතික කරන ලද ඡායා පිටපත්
| වැඩ විස්තරය | කාලය(දින) |
| පහත වාර්තා සහිතව ප්රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහ අත්සන සඳහා ඉදිරිපත් කිරීම. | |
| ↓ | |
| ඉඩම පැවරීම සඳහා ප්රාදේශීය ලේකම්ගේ අනුමැතිය ප්රකාශිත ලිපිය දීමනා පත්රකරු වෙත ලබා දීම. | 14 |
| ↓ | |
| නොතාරිස් විසින් එවන ලද පැවරුම් ඔප්පු කෙටුම් පත ප්රාදේශීය ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම. | 30 |
| ↓ | |
| පැවරුම් ඔප්පු ලියා පදිංචි කිරීම සඳහා නොතාරිස් වෙත යැවීම. | 14 |
| ↓ | |
| දීමනාපත්ර ලේඛනයට අවශ්ය සංශෝධන සිදු කිරීම | 14 |
| මුළු දින සේවය | 53 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න අයිතිය පැවරීම [PDF 134KB]
දීමනා පත්රයේ පසුඋරුමය නම් කිරීම (Nomination of Grant)
අවශ්ය ලේඛන
- ඉල්ලීම් ලිපිය (ග්රාම නිලධාරි වාර්තාව ද සමඟ)
- දීමනා පත්රයේ මුල් පිටපත
- පත් ඉරුව
- දීමනා පත්රකරුගේ ජාතික හැදුනුම්පතේ ජායා පිටපතක්
- යෝජිත පසුඋරුමක්කරුගේ / පසුඋරුමක්කරුවන්ගේ උප්පැන්න සහතික
- යෝජිත පසුඋරුමක්කරුගේ / පසුඋරුමක්කරුවන්ගේ ජාතික හැදුනුම්පතේ ජායා පිටපත
- නම් වල වෙනසක් ඇත්නම් ඒ බව තහවුරු කිරීමට අදාල දිවුරුම් ප්රකාශ
- නව පසුඋරුමකරු නම් කිරීම - ආකෘති පත්ර 03ක්.
- පෙර නම් කර ඇති පසුඋරුමය අවලංගු කර නව පසු උරුමය නම් කිරීම- ආකෘති පත්ර 06ක්
| වැඩ විස්තරය | කාලය(දින) |
| ඉල්ලුම් ලිපිය සහ සොදිසි පත්රයට අනුව අදාළ ලියවිලි ලබාගැනීම. ග්රාම නිලධාරි වාර්තා ලබාගැනීම. | |
| ↓ | |
| LC 155 ආකෘතියේ ප්රදාන පත්රකරුගේ අත්සන ලබාගැනීම. | 21 |
| ↓ | |
| ක්ෂේත්ර වාර්තා ලබාගැනීම (ග්රාම නිලධාරි වසමට අයත් ජනපත නිලධාරි ජ්යෙෂ්ඨ ක්ෂේත්ර නිලධාරි). | 21 |
| ↓ | |
| ප්රදාන පත්රයේ පසුඋරුමය නම් කර ලියාපදිංචි කිරිම සඳහා දිස්ත්රික් රේජිස්ට්රාර් කාර්යාලය වෙත යොමු කිරීම. | 14 |
| ↓ | |
| ප්රදාන පත්රය නිකුත් කිරීම. | 21 |
| මුළු දින සේවය | 78 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න පසු උරුමය නම් කිරීම. [PDF 86KB]
දීර් ඝ කාලීන බදු මත ඉඩම පවරා දීම
අවශ්ය ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ජා.හැ.පතේ ඡායා පිටපතක්.
- අදාළ ව්යාපෘතිය
- ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව
- දළ සැලැස්ම
- ආයතන වල නිර්දේශ වාර්තා
- ප.ඉ.කො 01 ආකෘතිය
- 19 වන පරිශිෂ්ඨ වාර්තාව
- බදු ගෙවන බවට දිවුරුම් ප්රකාශය
- 17 පරිශිෂ්ඨය ප්රකාර දිවුරුම් ප්රකාශය
- පළාත් පාලන ආයතනගේ අනුමැතිය
- ප්රාදේශීය ඉඩම් පරිහරණ කමිටු අනුමැතිය.
- දිස්ත්රික් ඉඩම් පරිහරණ කමිටු අනුමැතිය
- රජයේ ඉඩම් කළමනාකරණය බදුකර ඉදිරිපත් කිරීම සඳහා ආකෘතිය.
| වැඩ විස්තරය | කාලය |
| ප්රාදේශීය ලේකම්ගේ නිර්දේශ ලබා ගැනීම | |
| ↓ | |
| අදාළ දෙපාර්තමේන්තු හා ආයතන වලින් නිර්දේශ වාර්තා ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| ප්රාදේශීය ඉඩම් පරිහරණ කමිටු අනුමැතිය ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| දිස්ත්රික් ඉඩම් පරිහරණ කමිටු අනුමැතිය ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම. | මාස 02ක් |
| ↓ | |
| දීර්ඝකාලීන බදු අනුමැතිය ලැබීමෙන් පසු මැනුම් ඉල්ලීම යැවීම. | මාස 02ක් |
| ↓ | |
| L” රේඛා චිත්රය ඉල්ලීම. | මාස 02ක් |
| ↓ | |
| තක්සේරු වාර්තාව ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| නියමිත පරිදි බදු අයකර ඉඩමේ භුක්තිය බාර දීම | සතිය 01ක් |
| ගෙවා ඇති බවට සහතික කළ ලේඛන පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම. | සතිය 01ක් |
| ↓ | |
| පිටපතක් ඉඩම් කොමසාරිස් වෙත යොමු කිරීම. | සතිය 01ක් |
| මුළු දින සේවය | (අවුරුදු 01 යි |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න දිර් ඝ කාලින පදු PLC-1 [PDF 523KB], දිර් ඝ කාලින බදු ඉල්ලුම් පත්ර [PDF 365KB], දිවුරුම් ප්රකාශ-[PDF 602KB], දිවුරුම් ප්රකාශ 17 -[PDF 602KB]
දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන වෙත ඉඩම් පවරාදීමේ කටයුතු
අවශ්ය ලේඛන
- බලය පවරන ලද නිලධාරියෙකුගේ ඉල්ලීම් ලිපිය
- 13 පරිශිෂ්ඨ වාර්තාව
- ප.ඉ.කො./උ.නැ.ප. 03 වාර්තාව
- ප්රාදේශීය ඉඩම් පරිහරන කමිටු වාර්තාව
- දිස්ත්රික් ඉඩම් පරිහරණ කමිටු වාර්තාව
- මිනින්දෝරු අධිකාරි වෙතින් රේඛාචිත්ර
- ප්රාදේශීය ලේකම් නිර්දේශය
- පැවරීමේ සහතිකය හා අනුමත
| වැඩ විස්තරය | කාලය |
| 13 පරිශිෂ්ඨ වාර්තාව පිටපත් 03 සකස් කිරිම | |
| ↓ | |
| කො./උ.නැ.ප. 03 වාර්තාව පිටපත් 03 සකස් කිරිම | මාස 01ක් |
| ↓ | |
| ප්රාදේශීය ඉඩම් පරිහරන කමිටු වාර්තාව ලබා ගැනීම | සතිය 01ක් |
| ↓ | |
| දිස්ත්රික් ඉඩම් පරිහරණ කමිටු වාර්තාව ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| මිනින්දෝරු අධිකාරි වෙතින් රේඛාචිත්ර ලබා ගැනීම | මාස 02ක් |
| ↓ | |
| පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම | මාස 02ක් |
| ↓ | |
| පිටපත ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත යැවීම. | සතිය 01ක් |
| ↓ | |
| අයදුම්කරු වෙත භාරදීම | සතිය 01ක් |
| මුළු දින සේවය | (අවුරුදු 01 යි |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න දෙපාර් තමේන්තුව වෙත පවරා දීමේ ඉල්ලුම් පත්ර [PDF 882KB],පළාත් පාලන වෙත පවරා දීමේ ඉල්ලුම් පත්රපවරා දීමේ ඉල්ලුම් පත්ර [PDF 882KB]
පුජා ඔප්පු සකස් කිරීමේ කටයුතු
අවශ්ය ලේඛන
- ඉල්ලීම් ලිපිය.
- බෞද්ධ විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට සහතිකය
- විහාරස්ථානයක් ලෙස ලියාපදිංචි වී ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහතිකය
- විහාරාධිපති හිමියන් වෙනස් වු විට වාර්තමාන විහාරාධිපති හිමියන් පත්කළ බවට සහතිකය
- කැබලි විස්තර ලැයිස්තුව සහිත පිඹුර
- මිනින්දෝරු අධිකාරිගෙන් ආ.ඒ.ආ.118 භාවිතා කරමින් ඹ් රේඛා චිත්රය ඉල්ලීම
| වැඩ විස්තරය | කාලය |
| ඉල්ලීම් ලිපිය ලබා ගැනීම හා සෝදිසි පත්රයට අනුව අදාල ලේඛණ ලබා ගැනීම | |
| ↓ | |
| උ.නැ.ප. 03 වාර්තාව පිටපත් 03 සකස් කිරිම | සතිය 01ක් |
| ↓ | |
| ප්රාදේශීය ඉඩම් පරිහරන කමිටු වාර්තාව ලබා ගැනීම | මාස 01ක් |
| ↓ | |
| දිස්ත්රික් ඉඩම් පරිහරණ කමිටු වාර්තාව ලබා ගැනීම. | මාස 02ක් |
| ↓ | |
| මැනුම්අධිකාරි වෙතින් රේඛාචිත්ර ලබා ගැනීම | මාස 02ක් |
| ↓ | |
| කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම | මාස 02ක් |
| ↓ | |
| විහාරාධිපති හිමි වෙත භාරදීම හා ඉඩම් කොමසාරිස් වෙත වාර්තා කිරීම | සතිය 01ක් |
| මුළු දින සේවය | (අවුරුදු 01 යි |
දීමනා පත්රය සකස් කිරීම
අවශ්ය ලේඛන
- බලපත්රකරුගේ ඉල්ලීම් ලිපිය
- බලපත්රය
- ලේජරය
- මැනුම් සිතියම හා මැනුම් විස්තරය
- සහතික කරන ලද ජා.හැ.ප
| වැඩ විස්තරය | කාලය |
| බලපත්රය හා ලෙජර් පරීක්ෂා කිරීම. | සති 01 - 03 |
| ↓ | |
| ඉඩම් ක්ෂේත්ර පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 - 03 |
| ↓ | |
| ඉඩම් කච්චෙිරිය සඳහා අවශ්ය ලියකියවිලි සකස් කිරීම හා ප්රා.ලේ වෙත ඉදිරිපත් කිරීම | සති 02 - 03 |
| ↓ | |
| ප්රා.ලේ ගේ අනුමැතිය හා නිර්දේශ සමඟ eslims පද්ධතිය මඟින් ප.ඉ.කො හරහා ඉ.කො.ජ වෙත යැවීම | සති 01 - 02 |
| ↓ | |
| ප්රදාන පත්රය සකස් කර අයිතිකරු වෙත භාර දීම | මාස 04 - 08 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න දීමනා පත්රය සකස් කිරීම [PDF 441KB]
බලපත්රය සකස් කිරීම
අවශ්ය ලේඛන
- ඉල්ලුම් පත්රය (NP LDO 03)
- සහතික කරන ලද ජා.හැ. ප
| වැඩ විස්තරය | කාලය |
| ඉඩම් ක්ෂේත්ර පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 01 - 03 |
| ↓ | |
| ඉඩම් කච්චෙිරිය සඳහා අවශ්ය ලියකියවිලි සකස් කිරීම හා ප්රා.ලේ වෙත ඉදිරිපත් කිරීම | සති 01 - 02 |
| ↓ | |
| ප්රා.ලේ ගේ අනුමැතිය හා නිර්දේශ සමඟ eslims පද්ධතිය මඟින් ප.ඉ.කො ගේ යවා අනුමැතිය ලබා ගැනීම | සති 01 - 02 |
| ↓ | |
| ඉඩම් කච්චේරි පැවත්වීම | සති 02 - 03 |
| ↓ | |
| බලපත්රය සකස් කර අයිතිකරු වෙත භාර දීම | මාස 03 - 04 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න බලපත්රය සකස් කිරීම [PDF 455KB]
දීමනා පත්රවල කොන්දේසි සංශෝධනය කිරීම
අවශ්ය ලේඛන
- දීමනා පත්රකරුගේ ඉල්ලුම් ලිපිය ග්රා.නි වාර්තාව සමඟ
- සහතික කරන ලද ජා.හැ. ප
- දීමනා පත්රයේ මුල් පිටපත හා සිතියම
- පත්ඉරුව
| වැඩ විස්තරය | කාලය |
| ඉඩම් ක්ෂේත්ර පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 01 - 03 |
| ↓ | |
| ‘අ’ / ‘ආ’ ආකෘතිය සකස් කර ප්රා.ලේ ගේ අත්සන සඳහා ඉදිරිපත් කිරීම | දවස් 01 – 02 |
| ↓ | |
| ඉඩම් රෙජිස්ටාර් වෙත යැවීම | දවස් 01 යි |
| ↓ | |
| දීමනා පත්රකරු වෙත භාර දීම | සති 02 - 03 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න දීමනා පත්රවල කොන්දේසි සංශෝධනය කිරීම "අ" [PDF 173KB] , දීමනා පත්රවල කොන්දේසි සංශෝධනය කිරීම "ආ" [PDF 234KB]
දීමනා පත්රවල වැරදි නිවැරදි කිරීම
අවශ්ය ලේඛන
- දීමනා පත්රකරුගේ ඉල්ලුම් ලිපිය ග්රා.නි වාර්තාව සමඟ
- සහතික කරන ලද ජා.හැ. ප
- දීමනා පත්රයේ මුල් පිටපත
- දීමනා පත්රයට අදාළ සිතියම
- පත්ඉරුව
| වැඩ විස්තරය | කාලය |
| ඉඩම් ක්ෂේත්ර පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 01 - 03 |
| ↓ | |
| වැරදි නිවැරදි කිරීම සඳහා අවශ්ය ලියකියවිලි සකස් කර හා ප්රා.ලේ වෙත ඉදිරිපත් කිරීම | දවස් 04 - 06 |
| ↓ | |
| ප.ඉ.කො මඟින් ඉ.කො.ජ වෙත යවා නිවැරදි දීමනා පත්රය ලබා ගැනීම | මාස 03 - 05 |
| ↓ | |
| දීමනා පත්රකරු වෙත භාර දීම | සති 02 - 03 |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න දීමනා පත්රවල වැරදි නිවැරදි කිරීම ආකෘතිය 2 [PDF 268KB] , දීමනා පත්රවල වැරදි නිවැරදි කිරීම ආකෘතිය 3 [PDF 164KB], දීමනා පත්රවල වැරදි නිවැරදි කිරීම ආකෘතිය 4 [PDF 142KB], දීමනා පත්රවල වැරදි නිවැරදි කිරීම ආකෘතිය 5 [PDF 475KB]
අනවසර අල්ලා ගැනීම්
අවශ්ය ලේඛන
- ආ.ඒ.ආ.60 මඟින් අනවසර වාර්තා
- දෙසති වාර්තා
- කේෂ්ත්ර උපදේශක වාර්තා
| වැඩ විස්තරය | කාලය |
| ග්රාම නිලධාරි වෙතින් සති දෙකකට වරක් ආ.ඒ.ආ.60 මඟින් අනවසර වාර්තා ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| අනවසරකරුවන් වෙත ලිපි නිකුත් කිරීම | දින 02 යි |
| ↓ | |
| අතහැර යාමේ ප්රකාශ ලබා ගැනීම | මාස 01 යි |
| ↓ | |
| අස්කිරිමේ දැන්වීම යැවීම | සති 02 යි |
| ↓ | |
| අස්කිරීමේ දැන්වීම බාරදීම හා ප්රදර්ශණය කිරීම | මාස 01 යි |
| ↓ | |
| අනවසර ඉඩම් ආපසු බාරදීම හෝ නොදීම පිළිබඳ ග්රා.නි. වාර්තාව ලබා ගැනීම +7ටග | සති 02 යි |
| ↓ | |
| 1579 අංක 07 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත “ආ“ ආකෘතිය අනුව නෙරපීම සඳහා ඉල්ලීම | මාස 01 යි |
| ↓ | |
| උසාවි පසු කටයුතු සඳහා ක්රියා කිරීම | සති 01 යි |
කන්න රැස්වීම්
අවශ්ය ලේඛන
- ගොවි සංවිධානයේ ඉල්ලීම් ලිපි
| වැඩ විස්තරය | කාලය |
| ප්රා.ලේ. මඟින් දින වෙන් කර ගැනීම | දින 02 යි |
| ↓ | |
| දිනය වේලාව හා ස්ථානය දැන්වීම | දින 02 යි |
| ↓ | |
| නියමිත දිනට කන්න රැස්වීම් පැවැත්වීම | දින 01 යි |
| ↓ | |
| අදාල පාර්ශව සඳහා වාර්තා යැවීම | සති 01 යි |
දැව හෙලීම් කටයුතු හා ප්රවාහන කටයුතු
නිවසේ ප්රයෝජනය සඳහා දැව ඉරා ගැනීම
අවශ්ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- ඔප්පුවේ/බලපත්රයේ ඡායා පිටපත
- ඔප්පුව/බලපත්ර අයිතිකරු නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ප්රකාශ කල ලිපිය
| වැඩ විස්තරය | කාලය |
| ග්රාම නිලධාරි විසින් සම්පුර්ණ කරන ලද අයදුම්පත බාර ගැනීම | දවස් 1 යි |
| ↓ | |
| ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම |
දවස් 01 යි |
| ↓ | |
| හෙලීම් නියෝග නිකුත් කිරිම | දවස් 01 යි |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න නිවසේ ප්රයෝජනය සඳහා දැව අයදුම්පත [PDF 241KB]
දැව ප්රවාහන කටයුතු
අවශ්ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- ඔප්පුවේ/බලපත්රයේ ඡායා පිටපත
- ඔප්පුව/බලපත්ර අයිතිකරු නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ප්රකාශ කල ලිපිය
| වැඩ විස්තරය | කාලය |
| සම්පුර්ණ කරන ලද අයදුම්පත බාර ගැනීම | දවස් 1 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 1 යි |
| ↓ | |
| ග්රාම නිළධාරි වාර්තා ලබා ගැනීම |
සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| අඩවි වන නිර්දේශ ලබා ගැනීම | මාස 01 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| හෙලීම් නියෝග ලබා දිම | දවස් 02 යි |
| ↓ | |
| නිලධාරි මඟින් කඳන් වාර්තා ලබා ගැනීම | සති 01 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| අඩවිවන නිළධාරි වාර්තා ලබාගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| බලපත්ර නිකුත් කිරිම | දවස් 01 යි |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න ප්රවාහනය සඳහා දැව අයදුම්පත [PDF 639KB]
ඉඩම් කටයුතු පොදු
| වැඩ විස්තරය | කාලය |
| මහජනතාවගෙන් ලැබෙන ලිපි ලබා ගැනිම | |
| ↓ | |
| ග්රාම නිලධාරි වාර්තා ලබා ගැනිම කාලය | සති 02 යි |
| ↓ | |
| ක්ෂේත්ර නිලධාරි වාර්තා ලබා ගැනිම කාලය |
සති 02 යි |
| ↓ | |
| ඉහත වාර්තා අනුව පිළිතුරු ලිපි සකස් කර ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| ලිපි නිකුත් කිරීම | දවස් 01 යි |
බලපත්රයේ පසු උරුමය නම් කිරිම
අවශ්ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය ( ග්රාම නිලධාරි වාර්තාව සමඟ)
- බලපත්රයේ මුල් පිටපත
- බලපත්රකරුගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත ( ග්රාම නිලධාරි සහතික කල)
- යෝජිත පසු උරුමකරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- යෝජිත පසු උරුමකරුගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත ( ග්රාම නිලධාරි සහතික කල)
- නම් වල වෙනසක් ඇත්නම් ඒ බව තහවුරු කිරිමේ දිවුරුම් ප්රකාශ
| වැඩ විස්තරය | කාලය |
| ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරි වාර්තාව සමඟ ලබා ගැනිම | |
| ↓ | |
| ඉඩම් ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය සඳහා යොමු කිරිම | දවස් 01 යි |
| ↓ | |
| පසු උරුමය නම් කිරිම හා නැවත ප්රා/ලේ වෙත යොමු කිරිම | දවස් 02 යි |
| ↓ | |
| බලපත්රකරු වෙත බලපත්රය නිකුත් කිරිම. |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න පසු උරුමය කම් කිරිමේ අයදුම්පත්රය [PDF 255KB], මඩ ඉඩමක් නම් [PDF 263KB]
බලපත්රයේ මුල් උරුමය නම් කිරිම
අවශ්ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය ( ග්රාම නිලධාරි වාර්තාව සමඟ) ඇමුණුම - NP/LDO-04
- බලපත්රයේ මුල් පිටපත/ මුල් පිටපත නැති වී ඇතිනම් පොලිස් වාර්තාව
- බලපත්රකරුගේ මරණ සහතිකයේ මුල් පිටපත හෝ ඒ පිළිබදව තහවුරු කර හැකි දිවුරුම් ප්රකාශයක්
- කලත්රයා ජිවිත භුක්තිය ලබා ගන්නේ නම් විවාහ සහතිකයේ මුල් පිටපත
- කලත්රයා පවරා නොගන්නේ නම් අදාළ ඉඩම ලේ ඥාතියෙකු වෙත පවරා දීමට කැමැත්ත ප්රකාශිත දිවුරුම් ප්රකාශය ( සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කළ යුතුය)
- කලත්රයා මියගොස් ඇත්තම් මරණ සහතිකය හෝ ඒ පිළිබද තහවුරු කළ හැකි දිවුරුම් ප්රකාශයක්
- පැවරුම්ලාභියාගේ උප්පැන්න සහතිකය
- පැවරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත (ග්රාම නිලධාරි සහතික කල)
- නම් වල වෙනසක් ඇත්නම් ඒ බව තහවුරු කිරීමේ දිවුරුම් ප්රකාශ
- පවරාගනු ලබන්නේ බාල සහෝදරයෙකු හෝ සහෝදරියෙකු නම් ඔහුට පෙර සිටින ඔහුගේ සියලුම සහෝදර සහෝදරියන්ගෙන් කැමැත්ත ප්රකාශය ( සාමදාන විනිශ්චයකරුවෙකු විසින් සහතික කළ යුතුය)
| වැඩ විස්තරය | කාලය |
| ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරි වාර්තාව සමඟ ලබා ගැනිම | |
| ↓ | |
| ඉඩම් ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම්තුමාගේ අනුමැතිය ලබා ගැනිම | දවස් 01 යි |
| ↓ | |
| පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගැනිම | මාස 04 යි |
| ↓ | |
| නැවත ප්රාදේශිය ලේකම් තුමාගේ අනුමැතිය ලබා ගැනිම | දවස් 01 යි |
| ↓ | |
| ඉල්ලුම්කරු වෙත භාර දීම |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න මුල් උරුමය කම් කිරිමේ අයදුම්පත්රය [PDF 253KB], මඩ ඉඩමක් නම් [PDF 263KB]
බලපත්ර අවලංගු කිරිම
| වැඩ විස්තරය | කාලය |
| ඉඩම්ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ග්රාම නිලධාරි වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| ප්රාදේශිය ලේකම් අනුමැතිය ලබා ගැනිම | දවස් 01 යි |
| ↓ | |
| 106 (2) (1) වගන්ති අනුව අවලංගු කිරිමේ දැන්විම් ප්රදර්ශණය කිරිම | මාස 03 යි |
| ↓ | |
| බලපත්රය අවලංගු කිරිමේ පරික්ෂණය පැවැත්විම | සති 01 යි |
| ↓ | |
| අවසරපත්රය අවලංගු කිරිමේ නියමය නිකුත් කිරිම | සති 01 යි |
| ↓ | |
| අවසරපත්රය අවලංගු කිරිමේ නියමය ප්රදර්ශණය කිරිම | මාස 01 යි |
| ↓ | |
| බලපත්රය අවලංගු කිරිම | සති 01 යි |
බලපත්ර පිටපත් ලබා ගැනිම (අයිතිකරු ජිවත්ව සිටියදී)
අවශ්ය ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- ග්රාම නිලධාරි වාර්තාව
- පොලිස් වාර්තාව
- බලපත්රකරුගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත ( ග්රාම නිලධාරි සහතික කල)
- බලපත්රකරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- නම් වල වෙනසක් ඇත්නම් ඒ බව තහවුරු කිරීමේ දිවුරුම් ප්රකාශ
| වැඩ විස්තරය | කාලය |
| ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරි වාර්තාව සමඟ ලබා ගැනිම | |
| ↓ | |
| ඉඩම් ක්ෂේත්ර පරික්ෂණ වාර්තාව ලබා ගැනීම | සති 02 යි |
| ↓ | |
| පළාත් ඉඩම් කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගැනිම | මාස 04 යි |
| ↓ | |
| නැවත ප්රාදේශිය ලේකම් තුමාගේ අනුමැතිය ලබා ගැනිම | සති 02 යි |
| ↓ | |
| ඉල්ලුම්කරු වෙත භාර දීම |
ඉඟිය: අයදුම්පත බාගත කිරීමට පහතින් ක්ලික් කරන්න බලපත්ර පිටපත් ලබා ගැනීමේ අයදුම්පත්රය [PDF 178KB],දිවුරුම් ප්රකාශය [PDF 178KB] මඩ ඉඩමක් නම් [PDF 263KB]
ඉඩම් ආරවුල්
| වැඩ විස්තරය | කාලය |
| මහජනතාවගෙන් ලැබෙන ඉඩම් ආරවුල් ලිපි ලබා ගැනිම | |
| ↓ | |
| ග්රාම නිලධාරි වාර්තා ලබා ගැනිම කාලය | සති 02 යි |
| ↓ | |
| ක්ෂේත්ර නිලධාරි වාර්තා ලබා ගැනිම කාලය | සති 02 යි |
| ↓ | |
| ගැටළුව අනුව විසදුම් ලබා දීම සඳහා ගැටළුවට අදාළ පාර්ශවයන් කැදවීම ( කේෂ්ත්ර නිලධාරි මඟින්/ ප්රා.ලේ මඟින්/ දිස්ත්රික් ලේකම් මඟින්/ සමත මණ්ඩල මඟින්/ උසාවි මඟින්) |
- පදිංචි ඉඩම් සඳහා ඉඩම් බලපත්ර ඉල්ලීමේ ආකෘති පත්රය
[PDF - 0.98 MB] - ඉඩම් බෙදාදීම
[PDF - 0.0 KB] - ඉඩම් හිමිකාරිත්වය වෙනස් කිරීම
[PDF - 0.0 KB] - අනුප්රාප්තිකයා නම් කිරීම හෝ අවලංගු කිරීමේ ආකෘති පත්රය
[PDF - 2215 KB] - අනුප්රාප්තිකයාට ඔප්පුව පැවරීම
[PDF - 0.0 KB] - වාර්ෂික බදු
[PDF - 0.0 KB] - අස්වැන්න සඳහා වූ බදු
[PDF - 0.0 KB] - නේවාසික/වාණිජ/කෘෂි කාර්මික/කාර්මික ඉඩම් සඳහා දීර්ඝ කාලින බදු
[PDF - 551 KB] - ආගමික සිද්ධස්ථාන සඳහා ඉඩම් වෙන් කිරීම
[PDF - 0.0 KB]















