දැක්ම
සේවා දායකයාට ඉහළ කළමනාකරණයෙන් හා ඵලදායිතාවයෙන් පරිපුර්ණ හොඳම සේවා සැපයීම තුළින් ලංකාවේ විශිෂ්ඨයා බවට පත්වීම.
මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධිකරණය හා ජනතා සහයෝගිතාවයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම අපේ මෙහෙවරයි.
ආයතනයේ විකාශනය
වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වවුනියාව දිස්ත්‍රික්කයේ දකුණ පසට වෙන්නට පිහිටා ඇති අතර උතුරු පළාතට ඇතුල්වීමේදීම හමුවේ. උතුරින් වවුනියාව ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයෙන් ද දකුණින් අනුරාධපුර දිස්ත්‍රීක්කයෙන් හා බටහිරින් වෙන්ගලචෙට්ටිකුලම ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම්ව පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 188.5 භුමි ප්‍රමාණයක තුල කොට්ඨාශය ව්‍යාප්ත වී ඇත. එය වවුනියාව දිස්ත්‍රීක්කයේ භුමි ප්‍රමාණයෙන් 9.6ක් වේ.
වවුනියාව දකුණ ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරි කොට්ඨාශ 20කින් සමන්විත වන අතර ඒ ඒ ග්‍රාම නිලධාරි කොට්ඨාශ තුල ගම් 91 පිහිටා ඇත. 2024 මාර්තු මස 31 දින වන විට කොට්ඨාශයේ පවුල් 5934 ක් වන අතර සම්පුර්ණ ජන ගහණය 16844කි.
මේ දක්වා සේවය කර ඇති ප්‍රාදේශීය ලේකම්වරුන්
|
නම |
|
ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා |
|
ආර්.කේ.එස්.එස්.සි. විජේසිංහ මහතා |
|
එච්.එම්. ධර්මපාල මහතා |
|
එම්. තිලකරත්න මහතා |
|
ඩි.එම්.ආර්.පි. දසනායක මහතා |
|
එම්.එස්. ජානක මහතා |















