කළු ගල්/ බොරළු කැණීම් බලපත්‍ර නිකුත් කිරීම
අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ජාතික හැඳුනුම්පත් පිටපත
- පෞද්ගලික ඉඩමක් නම්,
- ඉඩමෙන් බොරළු ඉවත් කරගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- යෝජිත ඉඩමේ බලපත්‍රය
- මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සකස් කළ මිනින්දෝරු සැලැස්ම
- පෞද්ගලිකව බලය,
- ඉඩම් නිලධාරිගේ වාර්තාව
- රාජ්‍ය ආයතනයකින් ලබාගත් BOQ වාර්තාව (නගර සභාව/ප්‍රාදේශීය සභාව වැනි)
- ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ සැලැස්ම
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ප්‍රකාශය
- මීට පෙර වෙනත් ඉඩම්වලට බොරළු කැණීම් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධ වාර්තාව
| වැඩ | කාල සීමාව |
| අදාළ කැණීම් ඉල්ලුම් පත්‍රය හා අදාළ ආධාරක ලියකියවිලි සමඟ පරීක්ෂා කර භාර ගැනීම. | |
| ↓ | |
| මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ මිනින්දෝරු සිතියම ලබා ගැනීම | පැය 1 |
| ↓ | |
| කැණීම් සම්බන්ධව නිර්දේශ වාර්තා අදාළ ආයතන හා නිලධාරීන්ගෙන් කැඳවීම | දවස් 1 |
| ↓ | |
| එම වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට යොමු කිරීම. | දවස් 1 |
| ↓ | |
| නිර්දේශිත අයදුම්පත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට යොමු කිරීම/නිර්දේශ නොකරන්නේ නම් ඒ බව අයදුම්කරුට දැනුම් දීම | දවස් 1 |
කළුගල්/ බොරළු කැණීම් බලපත්‍ර අලුත් කිරීම
අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සකස් කළ මිනින්දෝරු සැලැස්ම
- ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ සැලැස්ම
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ප්‍රකාශය
| වැඩ | කාල සීමාව |
| අයදුම්පත් හා ඉල්ලීම් ලිපි පරීක්ෂා කර භාර ගැනීම | |
| ↓ | |
| මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ මිනින්දෝරු සිතියම ලබා ගැනීම. | පැය 1 |
| ↓ | |
| කැණීම් අලුත් කිරීම සම්බන්ධව නිර්දේශ වාර්තා අදාළ ආයතන හා නිලධාරීන්ගෙන් කැඳවීම. | පැය 1 |
| ↓ | |
| එම වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට යොමු කිරීම. | දවස් 1 |
| ↓ | |
| අලුත් කිරීම සඳහා නිර්දේශිත අයදුම්පත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට යොමු කිරීම/නිර්දේශ නොකරන්නේ නම් ඒ බව අයදුම්කරුට දැනුම් දීම. | දවස් 1 |
සැලකිය යුතුය-: (ඉඩම් පරිහරණ කමිටු නිර්දේශය ලබා දීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව කරුණාවෙන් සලකන්න.)
වාණිජය නොවන කාර්යයන් සඳහා වැලි, පස්, බොරළු, මක්කි කැණීම් කර ප්‍රවාහනය කිරීම.
අවශ්‍ය ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- ඉඩම් බලපත්‍රය
- නිවාස අලුත් වැඩියාවකට නම් දළ ඇස්තමේන්තුව
- ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන අංක (අත්‍යවශ්‍ය වේ)
ගාස්තු:
වැලි කියූප් - 726.12
පස්, බොරළු කියූප් - 145.22
ප්‍රවාහනය ගාස්තු - 327.55
| වැඩ | කාල සීමාව |
| අයදුම් පත්‍ර හා අදාළ ආධාරක ලියකියවිලි පරීක්ෂා කර අනුමැතියට යොමු කිරීම. | |
| ↓ | |
| අදාළ ගාස්තු අයකිරීම සඳහා PIV නිකුත් කිරීම. | මිනිත්තු 15 |
| ↓ | |
| GSMB මුදල් පොත නඩත්තු කිරීම. | මිනිත්තු 5 |
| ↓ | |
| ගාස්තු ගෙවීම් පරීක්ෂා කර, කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම. | මිනිත්තු 15 |
| ↓ | |
| වාණිජය නොවන කාර්යයන් සඳහා වැලි, පස්, බොරළු, මක්කි කැණීම් කර ප්‍රවාහනය කිරීම සම්බන්ධ ලේඛන නඩත්තු කිරීම. | මිනිත්තු 5 |
| ↓ | |
| මාසිකව ගාස්තු අයකිරීම් වාර්තාව සකස්කර භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශ වෙත යොමු කිරීම. | දවස් 5 |















