ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව නිවුණු, හැදුණු, පිරිණු, සොදුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් එක්ව ගොඩනගමු යන තේමාව යටතේ උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා හා යොවන කටයුතු අමාත්‍යාංශයීය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද විකසිත සියපත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2022 නොවැම්බර් මස 23 වන දින වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
සාහිත්‍ය දේශණ, මාමඩුව පුරාවත ග්‍රන්තය එළි දැක්වීම හා සංස්කෘතික ප්‍රසංගයකින් විචිත්‍රවත් වු අතර සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කල පාසල් දරු දැරියන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්රදානය කිරීම ද මෙම අවසථාවේදී සිදුවිය.
මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර මැතිතුමා සහභාගි වු අතර සෙසු ආරාධිත අමුත්තන් වශයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් ටි. තිරේස්කුමාර් මැතිතුමා, උතුරු පළාත් සංස්කෘතික කටයුතු අධ්යක්ෂ රාජාමල්ලිකා සිවසුන්දරම් ෂර්මා මහත්මිය, වැලිඔය ප්‍රාදේශීය ලේකම් දීපාල් නිශාන්ත සිරිමාන්න මැතිතුමා, වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් පි.එම්.ඒ.කේ. කුමාර මැතිතුමා, සහකාර දිස්ත්‍රික් ලේකම් එස්. සබර්ජා මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.


ලෝක ළමා දිනය වෙනුවෙන් වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ලෝක ළමා දින උත්සවය 2022.10.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්රධානත්වායන් පැවැති අතර සහභාගීවු දරු දැරියන්ගේ චිත්‍ර නිර්මාණ එක් කළ සිනහ දකින අපේ ලොවක් නමින් චිත්‍ර සඟරාව ද එළි දක්වන ලදි.




























